Friday, October 25, 2024
Follow Us
වරාය නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් 2000 ක වාර්ෂික බද්දක්

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 2000 ක වාර්ෂික බද්දක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

වරාය නගරයේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා මෙයෙහුම් බලපත්‍ර නිකුත් කිරීමට අදාලව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

වරාය නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත් වන අයදුම් පත්‍ර ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව සුදුසු අයදුම් පත්‍ර සඳහා මෙහෙයුම් බලපත්‍ර නිකුත් කරන අතර එම ආයෝජකයන් මහ බැංකුවේ නියාමනයන්ටද අනුකූල වියයුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පවසනවා.

LNW