Friday, October 25, 2024
Follow Us
IMF ණය ගැන මහ බැංකුවෙන් තවත් අනාවරණයක්

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ පී කේ ජී හරිස්චන්ද්‍ර පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීමෙන් පසු 2023 වර්ෂය වනවිට මූල්‍ය පහසුකම් සපයන අනෙකුත් ආයතන ද ශ්‍රී ලංකාවට මූල්‍ය සහන සපයනු ඇති බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ මුදල් මෙරටට හිමිවන නිසි කාලසීමාව තීරණය වන්නේ ණය හිමියන් විසින් මෙරට ණය ප්‍රතිව්‍යුවහගත කිරීමට දක්වන එකගතාව මත බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ පී කේ ජී හරිස්චන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළේ.

Neth