Friday, October 25, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුභ ආරංචියක්

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ ගත යුතු බව කියයි


එළැඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනු ඇති බව ඔහු පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතු බවය.

එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම අදිය තීරණ ගැනීමට සිදුවනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

දෙවන පියවර ලෙස ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව පවතින බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

Aruna