Friday, October 25, 2024
Follow Us
ඇගලුම් හැර සෙසු අපනයන කර්මාන්තවල ප්‍රගතියක් නොමැතිකම ගැන කර්මාන්ත ඇමති කියූ දේ

ඇගළුම් ක්‍ෂේත්‍රය හැර සෙසු ක්‍ෂේත්‍රවල ප්‍රගතියක් දක්නට නොලැබෙන්නේ එම ක්‍ෂේත්‍ර ජාත්‍යන්තරයට නිදහස් නොකිරීම හේතුවෙන් බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එලෙස ප්‍රගතියක් අත්කර ගෙන නොමැති එම ක්‍ෂේත්‍ර ජාත්‍යන්තරයට නිදහස් කිරීමට රටේ ඩොලර් හිගයක් පවතින මෙම කාලසීමාව ඉතා සුදුසුම බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ සදහා රජය මැදිහත් විය යුතු බවයි අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සදහන් කළේ.

මැණික් හා ස්වර්ණාභරණ මාර්ග ගත ක්‍රමය හරහා ජාත්‍යන්තර වෙළදපොළට අපනයනය කිරීමේ දෙවන අදියර සදහා ගාල්ලේදී එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මෙම අදහස් පළ කළා.

Neth