Friday, October 25, 2024
Follow Us
මේ මස උද්ධමනය තවත් ඉහලට

ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මණිනු ලබන මතුපිට උද්ධමනය ජූලි මාසයේ සියයට 60යි දශම 8ක් ලෙස පැවතියා.

මෙම මාසයේ එය සියයට 64යි දශම තුනක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කළේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහල යාම් වාර්ෂික ලක්ෂමය උද්ධමනය මෙලෙස ඉහල යාමට හේතු වී තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ 2022 විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේදීද ඒ සම්බන්ධයෙන් අද අදහස් පල වුණා. විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ ඉදිරියේදී තවදුරටත් උද්ධමනය ඉහල යා හැකි බවයි.

Neth