Friday, October 25, 2024
Follow Us
මෙරටට ඩොලර් ගෙන ආ හැකි සුපිරිම මඟ

අපනයන ආදායම ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවයි


පසුගිය ජූලි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවැනි මසටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනයේ නිල වෙබ් අඩවිය පවසයි.

ඉකුත් ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 536.65ක් වූ අතර ජූලි මාසයේදී ද එම ආදායම ඩොලර් මිලියන 522.13ක් ලෙස සටහන් වුණි.

මේ වසරේ පළමු මාස 7 සැලකූ විට මෙරට ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.3 සීමාව ඉක්මවා තිබේ.

එම කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදය වෙත සිදුකළ ඇඟලුම් අපනයනයෙන් පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1411.56ක් උපයා ඇති අතර එය සමස්ත ඇඟලුම් අපනයන ආදායමෙන් 27.12%ක ප්‍රතිශතයකි.

ආදායමෙන් සියයට 14.56ක ප්‍රතිශතයක් ලෙස ඩොලර් මිලියන 963.26ක් උපයා ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් වෙත සිදුකළ අපනයන හරහාය.

2021 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.4ක් ඉපැයූ අතර, රෙදිපිළි,අනෙකුත් අමුද්‍රව්‍ය සහ උපාංග සඳහා වැයකළ මුදල ඩොලර් බිලියන 3ක් පමණ වෙයි.

Aruna