Friday, October 25, 2024
Follow Us
රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන හිටපු මහ බැංකු ප්‍රධානියෙකුගෙන් අනාවරණයක්

රටක් බංකොලොත්වීමෙන් එම රටේ ආර්ථික ධාරිතාව පහල නොවැටුණද, වර්ථමානයේ ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් ඍණ මට්ටමට ඇද වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසනවා.

නෙත් නිවුස් කළ වීමසීමකදී ඔහු සදහන් කළේ ඉන් මිදීම සදහා ජනාධිපතිවරයාගේ සිට සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

කඩා වැටී තිබූ ජපානය ගොඩගැනීමට එරට වැසියන් කටයුතු කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන් ද කැප කිරීම් සිදුකළ යුතු වනවා. ඒ සදහා මෙරට වැසියන් සූදානම් කිරීම රජයේ වගකීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කළ සාකච්ඡා මෙම මාසයේ යළි ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ, 9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද ජනාධිපතිවරයා සිදුකළ විශේෂ දේශණයේදීයි.

මේ අතර 2022 අයවැය සංශෝධිත පනත් කෙටුම්පත ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

Neth