Friday, October 25, 2024
Follow Us
ගෝලීය උද්ධමනය හමුවේ මෙරට ඇගළුම් කේෂ්ත්‍රයත් අවදානමක

මේවනවිට රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇගළුම් අපනයනයට ඉදිරියේදී තවදුරටත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් උදාවනු ඇතැයි ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ගෝලීයව පවතින උද්ධමනකාරී තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් මෙරට ඇගළුම් අපනයනයට ද බලපෑම් එල්ල කරනු ඇති බවයි.

මෙම වසරේ මුල් කාර්තුව තුළ වර්ධනය වූ මෙරට අපනයන ක්ෂේත්‍රයට, ඇගළුම් කර්මාන්තය මූලික දායකත්වයක් දැක්වු බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ. ඒ අනුව එම කාලයට අදාළව ඇගළුම් සහ රෙදිපිළි අංශයේ අපනයන වර්ධනය සියයට 19 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Neth