Friday, October 25, 2024
Follow Us
විදෙස් සංචාරකයින් පැමිණීමේ යළි වර්ධනයක්

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මේවනවිට ක්‍රමානුකූලව ඉහළ යමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ජූලි මාසයේදී විදෙස් සංචාරකයින් 43,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහනවලට මෙන්ම සංචාරක හෝටල්වල විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ද ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙම මාසය තුළදී සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වැඩිදුරටත් සදහන් කළා.

Neth