Friday, October 25, 2024
Follow Us
ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.2 ක වෙළඳ භාණ්ඩ අපනයන ආදායමක්

ඉකුත් ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආදායමක් උපයා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව එය සියයට 20 ක වැඩිවීමක්. මෙම වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇගළුම් හා රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයුම් ඉහළ යාමයි.

කෙසේවෙතත් ජූලි මාසයේ උද්ධමනය සියයට 60 යි දශම 8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් ජූනි මාසයේ උද්ධමනය පැවතුනේ සියයට 54 යි දශම 6 ක් ලෙසයි.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ජූලි මාසයේ ආහාරවල මිල වැඩිවීම සියයට 90 යි දශම 9 ක්. ඉකුත් ජුනි මාසයේ ආහාරවල මිල වැඩිවීම සටහන් වූයේ සියයට 80 යි දශම 1 ක් ලෙසයි. ජූලි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම සියයට 46 යි දශම 5 ක් වන අතර එය ඉකුත් ජුනි මාසයේ පැවතුනේ සියයට 42 යි දශම 4 ක් ලෙසයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර දැන් තැබිය හැකි බව රජයේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය අංශය අද ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

Neth