Saturday, October 26, 2024
Follow Us
උද්ධමනය සියයට 59 යි - ආහාර මිල වැඩිවීම සියයට 76 යි

ඉකුත් ජුනි මාසයේ උද්ධමනය සියයට 58.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් මැයි මාසයේ උද්ධමනය පැවතුණේ සියයට 45.3 ක් ලෙසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්.

ඒ අනුව මැයි මාසයේ සියයට 58 ක්ව පැවති ආහාර කාණ්ඩයෙහි මිල වැඩිවීම ජුනි මාසයේ දී සියයට 75.8 ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්. සියයට 34.2 ක් වූ ඉකුත් මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයෙහි මිල වැඩිවීම ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩය තුළ, සහල්, එළවළු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල යන භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය තුළ පෙට්‍රල්, ඩීසල්, බස් ගාස්තු, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, හා ආපනශාලා මෙන්ම හෝටල් යන කාණ්ඩවල මිලද ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

Neth