Saturday, October 26, 2024
Follow Us
රටේ ආර්ථිකය ගැන නවතම විශ්ලේෂණයක්

මෙම වසරේ මෙරට ආර්ථිකය සියයට 7 යි දශම 7 කින් සංකෝචනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ආසියානු රටවල ආර්ථිකයන් පිළිබඳ සිය නවතම විශ්ලේෂණය ඉදිරිපත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ලබන වසරේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් පහළ මට්ටමක පවතිනු ඇති බවයි.

ආර්ථිකය මන්දගාමී වීමට හේතු ලෙස උද්ධමනය සමනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ආදායම් මත පදනම්වූ මූල්‍ය ස්ථායීකරණය සහ වියදම් කපා හැරීම පෙන්වාදී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය ලබා දෙන්නන් සහ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක්ව ඇති ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් පදනම් කර ගනිමින්. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැපයීම දීර්ඝ කරන ලෙසට වූ කැබිනට් මණ්ඩල තීරණ ද ඊට පාදක වී තිබෙනවා.

ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති. ඒ සඳහා ලබන 31 වනදාට පෙර අයදුම් කළ යුතු වනවා.

Neth