Saturday, October 26, 2024
Follow Us
ලංකාවේ ඩිජිටල් මුදල් භාවිතය තහනම්

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්


ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි (Cryptocurrencies) ඇතුළු ඩිජිටල් මුදල් (අතත්‍ය මුදල්) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. අන්තර්ජාලය සහ තවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන විවිධ වර්ගයේ මෙවැනි අතත්‍ය මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙසද මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවයි.

අතත්‍ය මුදල් යනු ඇතැම් පාර්ශ්ව විසින් පෞද්ගලිකව නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් හුවමාරු කළ හැකි, නියාමනයට යටත් නොවන ඩිජිටල් මුදල් වර්ග වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙවැනි අතත්‍ය මුදල් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට කිසිදු ආයතනයකට බලය පැවරීමක් සිදු කර නොමැති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

එසේම පරිගණක ඔස්සේ අතත්‍ය මුදල් නිර්මාණය කිරීම (Mining operations) හෝ අතත්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළක් ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

Aruna