Saturday, October 26, 2024
Follow Us
වෙළෙඳ හිගය තව දුරටත් පහළට

ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ලැබූ ප්‍රගතිය


භාණ්ඩ ආනයනය වෙනුවෙන් දරන වියදම් තවදුරටත් පහල යෑම හේතුවෙන් 2022 වසරේ මැයි මාසයේ දී මෙරට වෙළඳ හිඟය තව දුරටත් පහළගොස් ඇත. ඒ අනුව වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වා දීර්ඝ කරමින්, 2021 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2022 මැයි මාසයේ දී වෙළඳ හිඟය ඩොලර් මිලියන ඩොලර් මිලියන 716 සිට ඩොලර් මිලියන 404ක් දක්වා පහළ ගොස් ඇත.

මෙරට වෙළඳ ගිණුමේ හිඟය මෙම වසරේ දී ප්‍රථම වරට මැයි මාසයේ දී පහල ගියේය. අපනයනවල සැලකිය යුතු වර්ධනය වීම මෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මත ආනයන මන්දගාමී වීම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය පහත වැටෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2022 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ වෙළඳ හිඟය, 2021 වසරේ එම කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3663ක සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 3535ක් දක්වා පහළ ගොස් ඇත.

Aruna