Saturday, October 26, 2024
Follow Us
ලංකාවට ඉතිරිව ඇත්තේ තව ඩොලර් මිලියන 250යි

නවතම නිල වාර්තාව අනාවරණය කළ ඇත්ත


ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිතයෙන් රජයට වියදම් කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 250කට සීමා වී ඇති බව නවතම නිල වාර්තා අනාවරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2022 ජූනි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,859 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 1,887 ට වඩා සුළු පහළ යාමක් වාර්තා කරයි.

එසේම ජූනි මාසය අවසන් වන විට මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත වන විදේශ විනිමය සංචිතයේ වටිනාකම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,750 ක් වශයෙනි.

මැයි මාසයේ දී එය ඩොලර් මිලියන 1,776 ක් ලෙසින් වාර්තා වී තිබිණි.

කෙසේවෙතත් මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් චීන මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමට නොහැකි ආකාරයෙන් චීනය විසින් කොන්දේසි පනවා ඇති බැවින් මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 250කට සීමා වී තිබේ.

Aruna