Saturday, October 26, 2024
Follow Us
දේශපාලන අස්ථාවරත්වය IMF සාකච්ඡාවලට අහිතකර ලෙස බලපෑ හැකි බව මහබැංකු අධිපති කියයි

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

දේශපාලන ස්ථාවරත්වය කඩිනමින් ඇති විය යුතු බවත් එමඟින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා එම අදහස් පල කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 01ක හුවමාරුවක් සදහාද සාකච්ඡා පැවැත්වෙන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Neth