Saturday, October 26, 2024
Follow Us
භාවිත කළ හැකි ඩොලර් සංචිත මිලියන 400 ක් දක්වා අඩුවෙයි

ජුනි මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පවසනවා. මෙම සංචිතවලින් බිලියන 1.5 ක් චීනයෙන් ලැබුණු ණය පහසුමක් වන අතර ඒ අනුව භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය මිලියන 400 කට සීමා වී තිබෙනවා.

පවත්නා මුල්‍ය අර්බුදය හේතුවෙන් මුල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතියක 14.5% ක් දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 15.5% ක් දක්වාත් ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉදිරියේදී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර ඇති අතර කෙසේ නමුත් උද්ධමනය හැකිතරම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මහ බැංකුව පවසන්නේ.

මේ අතර වසරේ මුල් කාර්තුව තුළ මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% ක් දක්වා පහත බැස තිබේ. බලශක්ති අර්බුදය මේ සඳහා ප්‍රබල හේතුවක් වී තිබේ.

LNW