Saturday, October 26, 2024
Follow Us
උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව මහ බැංකුව කියයි

ඉදිරි මාසවලදී මෙරට උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති දැඩිකර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5 යි බිංදුවක් දක්වා ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

Neth