Saturday, October 26, 2024
Follow Us
මූල්‍ය සමාගම් දෙකකට ලක්ෂ 15ක දඩයක්

තොරතුරු යාවත්කාලීන නොකලාට මහ බැංකුවෙන් දඩුවම්


මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් දෙකක් වෙත රුපියල් ලක්ෂ 15ක දඩ පනවා තිබේ.

මුදල් ගනුදෙනු කිරීමේ පනතට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙසේ දඩ නියම කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඔවුන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති වලට අනුව කටයුතු කර නොමැති බව හෙළිවී තිබේ.

එම පනතට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් යාවත්කාලීන කරන මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ලැයිස්තුවක් පවත්වාගත යුතු වේ.

එමන්ම ඔවුන් සමඟ කරන ගනුදෙනු මහ බැංකුව වෙත දැනුම් දිය යුතු බවද සඳහන්ය.

මෙම ආයතන සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණයේදී එම තොරතුරු යාවත්කාලීන කිරීමට කටයුතු කර නොමැති බව හෙළිවී තිබේ.

ඒ අනුව ඔරියන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත රුපියල් ලක්ෂ 10ක දඩයකුත්, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටට් සමාගම වෙත රුපියල් ලක්ෂ 5ක දඩයකුත් නියමකර ඇත.

2021 සැප්තැම්බර් 14 වැනිදා මෙසේ දඩ පැනවීම සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Aruna