Saturday, October 26, 2024
Follow Us
ඩොලර් අර්බුදය මැද මෙරට තේ අපනයනයත් පහළ වැටේ

මෙම වසරේ මුල් මාස කිහිපය තුළ මෙරට තේ අපනයනය සියයට 5 ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සිරිවර්ධන සඳහන් කළේ තේ නිෂ්පාදනය අඩුවීම ද මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

කොන්දේසි කිහිපයකට යටත්ව ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් කිහිපයකින් මේවනවිට මෙරටට තේ ආනයනය කිරීම සිදුවන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීමත් සමග දෙරට අතර හටගත් මතභේදකාරී තත්ත්වය හමුවේ මෙරටින් රුසියාවට සිදුකරන තේ අපනයනය සඳහා මෙතෙක් කිසිඳු බලපෑමක් එල්ල වී නැතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

Neth