Saturday, October 26, 2024
Follow Us
වාහනවල නව ටයර් මිල ගණන් මෙන්න

වාහන බැටරි මිලත් ඉහළට


වාහන ටයර් සහ අමතර කොටස් මිල සියයට 100 කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බැටරි සහ ලිහිසි තෙල් මිලද දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

පහතින් දැක්වෙන්නේ වාහනවල ටයර් මිල ගණන් වෙනස් වූ ආකාරයයි….

රුපියල් 50,000 ක්ව පැවැති බස් රථ ටයරයක් මේ වන විට රුපියල් 75,000 ත් 80,000 ත් අතර මිල දක්වා ඉහළට.

රුපියල් 21,000 ක්ව පැවැති දේශීය නිෂ්පාදිත ලොරි රථ ටයරයක් (700 – 15 ප්‍රමාණය) මේ වන විට රුපියල් 34,000 ත් 40,000 ත් අතර මිලක් දක්වා ඉහළට.

ආනයනික ටයරයක් රුපියල් 45,000 ක් දක්වා ඉහළට.

රුපියල් 9,500 ක්ව පැවැති ‘ඩැග් ටයර්’ හෙවත් නැවත පිරවූ ටයර් මේ වන විට රුපියල් 16,000 ක් දක්වා මිල ඉහළට.

‘ඇල්ටෝ’ සහ ‘වැගන්ආර්’ යන කාර් රථ ඇතුළු කාර් රථ ටයර් මීට මාස හතරකට පමණ පෙර රුපියල් 9,000 ත් 12,000 ත් අතර මිල පැවැති ද මේ වන විට ටයරයක මිල රුපියල් 16,000 සිට 20,000 දක්වා ඉහළට.

රුපියල් 3,400 ක්ව පැවැති ත්‍රිරෝද රථ ටයරයක් වන විට රුපියල් 4600 සිට 5000 ක් දක්වා ඉහළට.

රුපියල් 700 ක් වූ ත්‍රිරෝද රථ ටියුබ් එකක් මේ වන විට රුපියල් 1500 ක් දක්වා ඉහළට.

රුපියල් 3000 කට මිලදී ගත් රේසරයක් මේ වන විට රුපියල් 9,000 ක් දක්වා ඉහළට.

 

Aruna