Saturday, October 26, 2024
Follow Us
 රනිල් සහ නන්දලාල්ගේ ආරවුල ගැන මහ බැංකුවේ අවධානය

සමාජ මාධ්‍යයේ පැතිරෙන කටකතා ගැන පණිවුඩයක්


ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ආරවුලක් පවතින බවට සමාජ මාධ්‍යයේ පැතිර යන ප්‍රවෘතිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා එවැනි සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබන බව එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

Aruna