Saturday, October 26, 2024
Follow Us
වැට් බද්ද වහාම ඉහළ දමයි

විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා ඉහළට


වහාම ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද (VAT බද්ද) සියයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මීළගට විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.

පනත සංශෝධනයට යටත්ව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කිරීම හරහා එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Aruna