Saturday, October 26, 2024
Follow Us
මිල දර්ශක ඉහළට

කොටස් වෙළඳපොළේ මිළ දර්ශක වෙනස් වීමක්


කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල ඉහළ යෑමක් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වන බවට වාර්තා පළවීමත් සමඟ අද (12) දිනයේදී දක්නට ලැබුණි.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 237 යි දශම 9 යි 9 කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වුණේ 7754 යි දශම 6 යි 2 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය අද ඒකක 93 යි දශම 5 යි 9කින් ඉහළ ගියා.

එය දිනය අවසනදී දැක්වුණේ ඒකක 2536 යි දශම 6 යි 4 ක් ලෙසයි.

වෙළෙඳපොළ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 1 ක්.

(Aruna)