Saturday, October 26, 2024
Follow Us
මේ ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් සල්ලි අච්චු ගහලා – සියඹලාපිටිය

වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් මුද්‍රණය කර තිබෙන බවත් එවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදුවන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙකු වුවත් දන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කළු කඩයේ ඇතිවන ආර්ථික උද්ධමනය කිසිදු තැනක නොලියවෙන බව පෙන්වා දුන් ඒ මහතා අද ගෑස් සිලින්ඩරයක් රුපියල් 30,000ක් වී තිබෙන බවත් සඳහන් කළේය.

ඒ අනුව රට උද්ධමනයකට නොව අධි උද්ධමනයකට මුහුණ දෙමින් තිබෙන බව පැවසූ ඒ මහතා රටේ සංකීර්ණ ගැටලු අර්බුදයක් කරා ළඟාවෙමින් තිබෙන බවත් එසේ වුවහොත් ඒවාට විසඳුම් නොමැති තැනකට පත්විය හැකි බවටත් අනතුරු හඟවා සිටියේය.

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමිනි.

(LNW)