Sunday, October 27, 2024
Follow Us
සියලුම බැංකු වෙත නියෝගයක්

පොලී අනුපාතික ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් පනවමින් 2020 අගෝස්තු 21 දින නිකුත් කර තිබූ නියෝගය මෙම නියෝගයත් සමඟ අවලංගු කෙරෙනු ලැබේ.

එනම් උපරිම ණය පොලී සීමා අහෝසි වනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන නව පොලී අනුපාතිකය කොපමණද යන වග මීළඟ බිල් දිනයේ දී දැන ගත හැකිවනු ඇත.

මේ අතර බැංකු පද්ධතිය වෙත තැන්පතු ආකර්ශනය කර ගැනීම සඳහා ඒ සඳහා ලබා දෙන පොලී අනුපාතික ප්‍රමාණවත් වන පරිදි ගළපන ලෙස ද මහ බැංකුව දැනුම් දී ඇත.

අදාල නියෝගය ඊයේ (21) දින නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

CBSL bsd act order 3 of 2022 e 1

(Aruna)