Sunday, October 27, 2024
Follow Us
මුදල් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් ගැන මහබැංකු අධිපති කතා කරයි

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රානි ජයමහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස අඛණ්ඩව සේවය කිරීමට එකඟතාව පළ කර ඇති බව මහබැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරන්නේ ඔවුන් එලෙස සේවය කිරීම තමන්ද මහත් සතුටට පත්වන බවයි.

මීට පෙරද ඔවුන් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්‍ෂපාතීව, වෘත්තිමය ආරක්‍ෂා කර ගනිමින් කාර්යක්‍ෂමව රාජකාරී කළ දෙදෙනෙක්. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රානි ජයමහ මහ බැංකුවේ සියලු කටයුතු සදහා ඉතා ධනාත්මකව මීට පෙර දායක වී තිබෙනවා.

ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබද පූර්ණ විශ්වාසයක් තමා සතුව පවතින බැවින් අඛණ්ඩ දායකත්වය සහ අගනා මගපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, තමාටත් ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

මහබැංකුවේ මුදල් මණ්ඩලයට සාමාජිකයින් පස් දෙනෙක් ඇතුළත්. එහි සභාපතිත්වය දරන්නේ මහබැංකු අධිපතිවරයායි.

(Neth)