ලොව පුරා ජනතාව දැන් තමන් පරිභෝජනය කරන ආහාරපාන සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් තොරතුරු දැනගැනීමට දැඩි උනන්දුවක් දක්වති. මේ උනන්දුව නිසාම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් හඳුන්වා දෙන ලද ‘ලෝක ආහාර සුරක්ෂිතතා දිනය’ 2019 ජූනි 07 දිනට යෙදී තිබිණි. මේ වනවිට තාක්ෂණයේ දියුණුවත් සමග, නිෂ්පාදනවල ගමන්මග හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයන් බිහිවී ඇති අතර ඒවා පාරිභෝගිකයන් අතර විශ්වාසය තහවුරු කිරීමට බෙහෙවින් උපකාරී වී තිබේ.
තම නිෂ්පාදනයක් ලොව කොතැනක තිබුණද විනාඩි ගණනක් තුළ එම ස්ථානය හඳුනාගැනීමේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට, නවසීලන්තයේ දැවැන්ත කිරි නිෂ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා මෑතක දී සමත් විය. Trace ලෙස හැඳින්වෙන මෙය ශ්‍රී ලංකාව තුළද භාවිතයට ගැනීමට ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙවැනි තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙයයි.
‘‘මෙවර ලෝක ආහාර සුරක්ෂිතතා දින තේමාවේ හරය වන්නේ ‘ආහාරවල සුරක්ෂිතතාව යනු සියලූ දෙනාටම අදාළ වන දෙයක්’ යන්නයි. අපගේ උත්සාහය මගිනුත් මේ හරය නිරූපණය වනවා. ආහාරවල සුරක්ෂිතතාව යනු, අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ පටන් ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන් වෙත සමීප වීම දක්වා, අප සියලූම දෙනාගේ වගකීමක් බව අප තරයේ විශ්වාස කරනවා.
‘‘ආහාරවල සුරක්ෂිතතාව අපගේ දෛනික ක්‍රියාකාරකම්වල අනිවාර්ය අංගයක් බවට පත්විය යුතුයි. 'Trace' පද්ධතිය ඒ සඳහා අපට බෙහෙවින් උපකාරී වනවා. මෙය අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වීමට ප්‍රධාන හේතුවක් වේවි.” ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසී ය.
Trace පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් උදාහරණ දෙකක් පහත දැක්වේ.
නවසීලන්තයේ දී නිෂ්පාදනයක කාණ්ඩ අංකය ඔස්සේ, එම නිෂ්පාදන සඳහා කිරි ලබාගන්නා ගොවිපළවල්වල තොරතුරුද ලබා ගත හැක. නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය, නැව්ගත කිරීම්, ප්‍රවාහනය, සහ ගබඩා කිරීම් ඇතුළුව, නිෂ්පාදන ක්‍රියාවලියේ සිට බෙදාහැරීම ඇතුළුව සියලූ තොරතුරු මේ ඔස්සේ පරීක්ෂා කළ හැකි වේ.
(Dinamina)