‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘
රෙදි පිළිබඳ කතාබහ ටිකක් දික් වුණා. ඇත්තටම ඉතින් රෙදි ගැන කතා නොකර ඇඟලුම් ගැන කවර කතා ද? රෙදි නැතුව මොනවා මහන්න ද? ඇඟලුම් ව්‍යාපාරය සිහින දකින ඔබට විතරක් නෙමෙයි, සාමාන්‍ය ටේලර් සාප්පුවක් කරන කෙනකුටත් රෙදිවල විශේෂතා පිළිබඳ අවබෝධය තියෙන්නම ඕනෙ.
නිකමට මෙහෙම හිතන්නකො... කවුරු හරි ඇවිදින් චීත්ත රෙද්දක් දීලා කියනවා. "මට මේකෙන් ටී ෂර්ට් එකක් මහලා දෙන්නකො." කියලා. එයා එක කියන්නේ නො දැනුවත්කම කියමුකො. නමුත් එය නො කළ යුතුයි කියන කාරණය පැහැදිලිව අවබෝධ කර දීමේ හැකියාව ඔබට තියෙන්නම ඕනෙ. ඩෙනිම් හෝ කොඩ්රොයිල් රෙද්දකින් සරමක් මහන්න බැහැනෙ.
සාමාන්‍ය කෙනකුට නම් රෙදි කිව්වාම බොහෝදුරට තියෙන්නේ අතට දැනෙන වෙනස විතරයි. "ඝනකම් ද? සිනිඳු ද?" නමුත් ඇඟලුම් කර්මාන්තයේ දී ඒක ඒ තරම් සරල කාරණයක් නොවෙයි. හරිම සංකීර්ණයි. ගොතන රෙදි සහ වියන රෙදි කියලත් රෙදි වර්ග වෙනවා කියලා ඔබ දන්නවා ද? අන්න ඒ නිසයි," තරුණී මැහුම් ඉස්කෝලේ" තුළින් ඒ හැමදෙයක් ගැනම ඔබ දැනුවත් කරන්නේ....
එරංග අපේ මැහුම් ඉස්කෝලෙන් අද මොන විදිහේ දැනුමක් ද ලබා දෙන්නේ?
රෙදි ගැන කතා කිරීමේ දී රෙදි නිෂ්පාදනයේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව පෙන්වා දෙන්නට පුළුවන්. ඒ නිටඩ් (Knitted fabric) හා වූවන් (Woven fabric) වශයෙන්.
මොකක්ද මේ නිටඩ්? මොකක්ද වූවන් කියන්නේ?
නිටඩ් රෙදි කියන්නේ යාන් නූල් භාවිත කරගෙන ගොතන ලද රෙදි විශේෂයකට. එතකොට වූවන් රෙදි කියන්නේ යාන් නූල්ම උපයෝගී කරගෙන වියන ලද රෙදි විශේෂයක්.
අපිට කියන්නකො වියන එකෙයි ගොතන එකෙයි විශේෂත්වය මොකක්ද කියලා?
අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදන යන්ත්‍ර ඔබ දැක ඇතිවාට සැකයක් නැහැ. එමඟින් කෙරෙන්නේ රෙදි විවීම (Woven) එතකොට ප්‍රාථමික අවධියේ දී ගොතන කටු භාවිත කරමින් ගැට යොදමින් රෙදි නිෂ්පාදනය කළා. එය තමයි Knitted එහෙමත් නැත්නම් ගොතන රෙදි ලෙස නම් කර නිෂ්පාදනය කරනු ලබන්නේ.
අදටත් පවතින අත්යන්ත්‍ර රෙදි විවීම (Handloom Fabric) වගේම ගොතන කටුවක් යොදා ගනිමින් කෙරෙන වූල් මඟින් ගෙතූ ඇඳුම් නිෂ්පාදනය වෙන අතරම මෙම දෙවර්ගයටම ඉහළ ඉල්ලුමක් ද පවතිනවා.
නමුත් වැඩිම ජනගහනයත් සමඟ අද පවතින අධික ඉල්ලුම සපුරාලීමට එවන් ප්‍රාථමික මට්ටමේ නිෂ්පාදන විධි ක්‍රමයන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසාම නව තාක්ෂණය සමඟ බද්ධ වූ අති නවීන වගේම දැවැන්ත යන්ත්‍ර සූත්‍ර වර්තමානයේ නිපදවා තිබෙනවා. එමෙන්ම නව අංගෝපාංග එක් වෙමින් නිරන්තරයෙන් නවීකරණය වෙනවා. මෙම යන්ත්‍ර අද වනවිට ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් තාක්ෂණයෙන්.
ඊළඟට නිටඩ් රෙදි එහෙමත් නැතින්ම ගොතන රෙදි යළි කොටස් දෙකකට බෙදෙනවා. එනම්, ඩබල් පර්සි හා සින්ගල් ජර්සි වශයෙන්.
මේ රෙදි වර්ග දෙක වෙළෙඳපොළේ අතිශයින් ජනප්‍රියයි. සින්ගල් ජර්සි, රිබ්, ලයික්රා, වන් බයි වන් රිබ්, ටූ බයි ටූ රිබ්, ක්‍රොකඩයිල් ආදී වශයෙන් රෙදි වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ලම නිටඩ් රෙදි. මේවා ලෝකය පුරාම ප්‍රචලිතයි. ශරීර උෂ්ණත්වයට වඩාත්ම උචිත රෙදි විශේෂයක් බව නිසැකවම හඳුන්වා දෙන්නට පුළුවන්.
මේ රෙදි යොදා ගනිමින් T-shirt, skinny, pants, shorts, Tight skirt ආදිය මසනු ලබනවා. මෙම රෙද්දේ ඇති විශේෂත්වය වන්නේ ඇදෙනසුලු ස්වභාවයක් තිබීමයි.
වෝප් නිටඩ් සහ වෙෆ්ට් නිටඩ් ලෙසින් පැහැදිලි වෙනසක් ද විශේෂයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. වෙන්ට් නිටඩ් රෙද්දේ එක් කෙළවරකින් නුල් ගැලවිය හැකි අතර වොප් නිටඩ් රෙද්දේ ඒ ආකාරයට නූල් ගලවන්නට ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඒ රෙදි හඳුනා ගන්නට තිබෙන පහසුම විදිහ.
මොනවද මේ සින්ගල් ජර්සි, ඩබල් ජර්සි කියන්නේ එරංග?
මේ රෙදි වර්ගය අපි හඳුනා ගන්නේ රෙද්දේ ඉදිරිපස පෙනුම (හොඳ පිට) නිරීක්ෂණය කරලයි. ඉදිරිපස ගෙතුව ඉංග්‍රීසි V අක්ෂරයේ හැඩයක් තියනවා. රෙද්දේ යට පැත්තේ (කණපිට) අඩ සඳක ස්වරූපයෙන් යුක්තයි. ඊළඟට රෙද්දේ දෙකෙළවරින් රෝල් වෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. මේ ලක්ෂණ සහිත රෙද්දට තමයි සින්ගල් ජර්සි ගෙතුම් රෙදි කියන්නේ. මෙය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය රෙදි වර්ගයක්.
ඊළඟට ඩබල් ජර්සි යටතේ රෙදි වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි රිබ් හා ඉන්ටර්ලොක්
රිබ්
මෙම රෙදි වර්ගය හඳුනාගන්න පහසුම විදිහක් තියෙනවා. රෙද්දේ කෙළවරකින් බැලූ විට තොණ්ඩු දෙකක් අතර එක තොණ්ඩුවක් පිහිටන ආකාරය පැහැදිලිව දකින්නට පුළුවන්. ඉදිරිපස සහ පිටුපස වගේම දෙපසට V අක්ෂරයේ හැඩය තිබෙනවා.
ඉන්ටර් ලොක්
ඉන්ටර්ලොක් රෙද්දක එක් කෙළවරකින් බැලූ විට තොණ්ඩු එකිනෙකට මුහුණලා තිබෙන ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එමඟින් තමයි ඉන්ටර්ලොක් රෙද්දක් රිබ් රෙද්දකින් වෙන් කර හඳුනා ගන්නේ.
උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ
ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්
Tharunie