Sunday, October 20, 2024
Follow Us
සිනමන් රෝල්

පාන් පිටි ග්‍රෑම් 350ක්

සීනි ග්‍රෑම් 56ක්

ලුණු රහිත බටර් ග්‍රෑම් 30ක්

බිත්තර 1ක්

යීස්ට් ග්‍රෑම් 7ක්

මඳ රස්නෙ වතුර මිලි ලීටර් 18ක්

ෆ්‍රෙෂ් මිල්ක් (මඳ රස්නෙ) මිලි ලීටර් 59ක්

ලුණු ස්වල්පයක්

 

 

දුඹුරු සීනි මිලි ලීටර් 149ක්

බටර් ග්‍රෑම් 50ක්

කුරුඳු කුඩු ග්‍රෑම් 15ක්

වැනිලා තේ හැඳි 1ක්

 

 

මඳ රස්නේ වතුර සහ කිරි එකතු කර එයට ඊස්ට් සහ සීනි දමා කලවම් කර පිපෙන්නට හරින්න. පිටිවලට ලුණු දමා පසෙකින් තබන්න. එම මිශ්‍රණය පිපුණු පසු බටර් සහ බිත්තර දමන්න හොඳින් කලවම් කර පාන් පිටි මිශ්‍රණයට කලවම් කරන්න. හොඳට අනාගන්න. විනාඩි පහළොවක් පමණ වසා තබන්න. ඉන්පසු සමතලා මතුපිටකට පිටි ස්වල්පයක් ඉස අනාගත් පිටි බෝලය ඒ මතුපිට අඟල් කාලක් පමණ වන ලෙසට තුනී කරන්න. එය උඩට බටර් ටික අතුරන්න. කුරුඳු කුඩු, දුඹුරු සීනි කලවම් කර එයට උඩින් ඉසගන්න. පසුව රෝල් කර අඟල් කාලක් පමණ පෙතිවලට වෙන් කරගන්න. කේක් තැටියකට තෙල් කඩදාසියක් දමා එය මත කපා ගත් පෙති අසුරන්න. උඩින් බටර් ගා සෙල්සියස් අංශක 160කට අවන් එක දමා විනාඩි 20ක් පුලුස්සා ගන්න. කැමැති නම් අයිසිං සීනි උඩින් ඉස කෑමට ගන්න.

Tharunie