Sunday, October 20, 2024
Follow Us
ගාර්ලික් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි මෙශරින් කප් 1ක්

මඳ රස්නෙ උණු වතුර කප් 1ක්

සීනි තේ හැඳි 1ක්

ඊස්ට් තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 1ක්

ඔරිගානෝ (අවශ්‍යම නොවේ)

කෑලි මිරිස් තේ හැඳි 1ක්

බටර් කප් 1/4ක්

සුදුලූනු බික් 5/6ක්

කොත්තමල්ලි කොළ ටිකක්

මොසරැල්ලා චීස් ග්‍රෑම් 50ක් (අවශ්‍යම නැත)

 

සාදන ආකාරය

මඳ රස්නෙ වතුර සීනි, ඊස්ට් දමා කලවම් කර පිපෙන්නට තබන්න. පාන් පිටිවලට ලුණු, ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් අනාගන්න. අනතුරුව හොඳින් නීඩ් කර ගන්න. නීඩ් කළ පසු වියළි රෙදිකඩකින් වසා මිශ්‍රණය දෙගුණ වන තෙක් තබන්න. අනතුරුව සුදුලූනු හොඳින් බ්ලෙන්ඩ් කර බටර් ටික ද එයටම දමා ක්‍රීම් එකක් වන තෙක් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. දෙගුණයක් වූ පිටි මෝලිය ගෙන රොටියක් ආකාරයට තුනී කරගෙන එය මතට සාදාගත් මිශ්‍රණය, ඔරිගානෝ, කෑලි මිරිස්, කොත්තමල්ලි කොළ උඩින් ඉසගන්න. අනතුරුව සමපාත වන සේ දෙකට නමා නැවතත් උඩින් සුදුලූනු පේස්ට් එක ගා ඔරිගානෝ, කොත්තමල්ලි කොළ උඩින් ඉස පිහියේ මුවහත් නැති පැත්තෙන් කෑලි ලකුණු කරන්න. සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වය යටතේ දෙපැත්ත දමා අවන් එකේ පුලුස්සා ගන්න.

Tharunie