Sunday, October 20, 2024
Follow Us
හැඩ වැඩ ඇති හෝම් කමිං කේක් එකක්

ඔබේ මංගල උත්සවයට මෙන්ම යෙහෙළියකගේ මංගල උත්සවය වෙනුවෙන් තිළිණ කරන්නටත් කදිම නිර්මාණයකි. පහසුවෙන් සකසා ගත හැකි මේ නිර්මාණය මෙලෙස සකසා ගනිමු.

මේ කේක් ආකෘතිය සැදීමට විශ්කම්භය අඟල් 6, 8, 10, 12 ප්‍රමාණයේ රවුම් ඩමි හතරක් අවශ්‍ය වේ. මුලින්ම කේක් බෝඩ් එකක් ගෙන එයට ඩමි 4 පිළිවෙළට අලවා ගන්න.

ඉන්පසු සුදු පාට මාජරින් වර්ගයෙන් අයිසිං එක සාදාගන්න. මේ සඳහා මාජරින් කිලෝ ග්‍රෑම් එකක් පමණ අවශ්‍ය වේ. එයට කිලෝග්‍රෑම් තුනක පමණ අයිසිං සීනි යොදා අයිසිං මිශ්‍රණය සාදාගන්න. මුලින්ම චොකලට් පාට කොටස් අයිසිං කරගන්න. ඒ සඳහා චොකලට් පවුඩර් සහ දුඹුරු පාට මිශ්‍ර කර මිශ්‍රණය සාදාගන්න.

දැන් මේ අයිසිං එකෙන් නොම්බර 18 නොසල් එකෙන් ඉරි ආකාරයට සම්පූර්ණ ආකෘතියේ දුඹුරු පාට කොටස අයිසිං කරගන්න. ඉතිරි කොටස සුදු පාට අයිසිංවලින් නොම්බර 20 නොසල් එකෙන් ඉරි ආකාරයට දමන්න.

ඉන්පසු නොම්බර 17 නොසල් එකෙන් ලියවැල් ආකාරයට බෝඩර් එක දමන්න. ෆ්‍රිල් මෝස්තරය ලීෆ් (Leaf) නොසල් එකෙන් දමන්න. කේක් එකේ යට කොටස නොම්බර 18 නොසල් එකෙන් දුඹුරු පාට කොටසත් සුදු පාට කොටසත් ෂෙල් ආකාරයට දමන්න.

පාච්මන්ට් හෝ වෙනත් අයිසිං මල් වර්ගයක් පින්තූරයේ පෙනෙන පරිදි ආකෘතියට තබා අලංකාර කරගන්න. කොළ පාට කොළත් රන්වන් පැහැයෙන් කේක් එකට එකතු කරගන්න. මෙය ඕනෑම වර්ණයක් එකතු කර මංගල උත්සවයකට ද සාදා ගත හැකියි.

උපදෙස් :

ගම්පහ,

Butter Dream Cakes

ෙතයාගි සධනිකා ගමගේ

Tharunie