Sunday, October 20, 2024
Follow Us
ඉස්සෝ වඩේ

කඩල පරිප්පු ග්‍රෑම් 250ක්

ඉස්සෝ

හීනියට කපාගත් රතු ලූනු ටිකක් හෝ බී

ලූනු ගෙඩි 1/2ක්

හීනියට කපාගත් කරපිංචා

හීනියට කපාගත් අමුමිරිස් කරල් 4ක්

රස අනුව ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

කෑලි මිරිස්

කහ කුඩු

පාන් පිටි මේස හැඳි 2ක්

බැදීමට පොල් තෙල්

බී ලූනු ගෙඩියක්

සුදුලූනු

ඉඟුරු

කරපිංචා

සූදුරු තේ හැඳි 1/2ක්

රස අනුව ලුණු කුඩු

මිරිස්කුඩු

සියඹලා ඇට 4ක්

වතුර

 

කඩල පරිප්පු ටික සෝදා පැය 1/2ක් පමණ පෙඟෙන්න දාන්න. (පරිප්පු අලුත් නම් ඉක්මනින්ම පෙඟෙනවා. පරණයි නම් පැයක් 1 1/2ක් පමණ කාලයක් යනවා.) දැන් වතුර ටික හොදින් පෙරා පේස්ට් එකක් වෙනකන් බේලෙන්ඩ්් කරන්න. ඉන්පසු ඉස්සෝ ඇලවීමට පාන් පිටි මේස හැඳි 2 ට වතුර ටික ටික දමා ඝනකම පාප්ප මිශ්‍රණයක් සාදාගන්න.

අඹරාගත් පරිප්පු එකට පොඩියට කපා ගත්ත බී ලූනු, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහකුඩු රස අනුව ලුණු කුඩු දමා හොඳින් කලවම් කරන්න. දැන් අතේ තෙල් ටිකක් හෝ වතුර ටිකක් ගා ගෙන හදා ගත්ත මිශ්‍රණයෙන් ටිකක් අරගෙන අල්ල මත තබා හොදින් රවුමට තුනි කරන්න.හීනියට වඩේ එක හදාගන්න ඕනෙ.

ඉන්පසු පාන් පිටි පාප්ප එක වඩේ එක උඩ ගා ඉස්සෝ අලව ගන්න. දැන් පරෙස්සමට වඩේ එක තෙලට දා බැද ගන්න. ගින්දර අඩු කර ගෙන වඩේ ටික බැද ගත යුතුයි.

බී ලූනු, සුදුලූනු, ඉඟුරු, කරපිංචා, සූදුරු, මිරිස්කුඩු, ලුණු කුඩු, වතුර ස්වල්පයක් දමා බේෙලන්ඩර් කප් එකට දමා හොඳින් අඹරා ගන්න. දැන් පෑන් එකට තෙල් ස්වල්පයක් දමා රත් වී ගෙන එනවිට සියඹලා ටික දමා ටික වේලාවක් තෙලේ තම්බා ගන්න. අඹරා ගත් පේස්ට් එක දමා විනාඩි 3ක් 4ක් තෙලේ උයාගෙන ළිපෙන් බා ගන්න. බැදගත් ඉස්සෝ වඩේ උඩින් හදාගත් සෝස් එක දාගෙන ලූනු ටිකකුත් කපා දා ගෙන රස බලන්න.

 

Tharunie