Sunday, October 20, 2024
Follow Us
ක්‍රීම් මෂ්රූම් සුප්

බටර් මේස හැඳි 4ක්

තෙල් තේ හැඳි 1ක්

රටලූනු ගෙඩි 2ක් (කුඩාවට කපාගත්)

සුදුලූනු බික් 5ක් (සිහින්ව ලියාගත්)

සුදු පැහැති හතු ග්‍රෑම් 500ක්

පාන් පිටි මේස හැඳි 5ක්

වතුර කොප්ප 6ක්

ලුණු රස පදමට

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1ක්

සිහින්ව කපාගත් පාස්ලි ග්‍රෑම් 100ක්

බැසිල් කොළ ග්‍රෑම් 50ක් (තිබේ නම්)

මඳක් විශාල බඳුනක් ගෙන ළිප තබන්න. එයට බටර් සහ තෙල් දමා ලුනු, සුදුලූනු එක්කර මඳ ගින්නනේ පිසගන්න. එයට මෂ්රූම් සහ බැසිල් කොළ එකතු කරගන්න. විනාඩි 2ක් පමණ පිසගත් පසු එයට පාන් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු වතුර ටිකෙන් ටික එකතු කර බුබුළු එනතුරු හොඳින් කලවම් කරන්න. අවසාන වශයෙන් ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කර සිහින්ව ලියාගත් පාස්ලි උඩින් ඉස පිළිගන්වන්න.

Tharunie