Sunday, October 20, 2024
Follow Us
එළවළු ස්ටූ

කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 150ක්

කුඩාවට කපාගත් අර්තාපල් අල ග්‍රෑම් 150ක්

ග්‍රීන් පීස් ග්‍රෑම් 100ක්

ඉඟුරු සහ සුදුලූනු ග්‍රෑම් 100ක් (හොඳින් අඹරාගත්)

අමු මිරිස් කරල් 4ක් (දෙකට පළාගත්)

කරාබුනැටි 4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

උකු පොල් කිරි කොප්ප 1ක්

දියකිරි කෝප්ප 2 -5ක්

කරපිංචා කොළ 12ක්

පොල් තෙල් මේස හැඳි 3ක්

ලුණු අවශ්‍ය පදමට

 

මුලින්ම බඳුනක් ළිප තබා මඳ ගින්දරේ රත් වූ පසු පොල් තෙල් දමා කරාබුනැටි දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු ලූනු එක් කොට ළා දුඹුරු පැහැය තෙක් තෙම්පරාදු කරගන්න. පසුව අල, ග්‍රීන් පීස්, කැරට්, අමු මිරිස්, ඉඟුරු, සුදුලූනු එක් කර මිනිත්තුවක් ළිපේ තබන්න. ඉන්පසු දියකිරි එකතු කර කරපිංචා ද එක් කර තැම්බෙන තුරු වසා පිසගන්න. (විනාඩි 5ක් පමණ) පසුව මිටි කිරි කෝප්පය එක් කර ඇති පදමට ලුණු දමා හැඳි ගා ගන්න. මෙය පස් දෙනකුට පමණ සෑහේ.

Tharunie