Monday, October 21, 2024
Follow Us
පුරවපු කිරි කොස් මදුළු ව්‍යංජනය

හොඳින් පැසුණු කොස් මදුළු

පොල් කිරි අවශ්‍ය පමණට

ලියා ගත් සුදුලූනු, අමු මිරිස්,

ලූණු, කරපිංචා හා රම්පේ

කහ, තුනපහ කුඩු, මිරිස්කුඩු

ස්වල්පයක්

උළුහාල් ඇට ටිකක්

තම්බා හොඳින් පොඩි කරගත්

අල ගෙඩි 2ක්

සිහින්ව ලියාගත් ලීක්ස් හෝ

ලූනු කොළ

ලියාගත් ලූනු, තක්කාලි, අමු

මිරිස් හෝ නයි මිරිස්

තළාගත් සුදුලූනු

අබ ස්වල්පයක් සහ පදමට

ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

අවශ්‍ය නම් උම්බලකඩ කෑලි

හෝ කරවල (කැමැති නම් පමණක්)

 

 

 

මුලින්ම කොස් මදුළුවල මැදින් වෙන් නොවන ලෙස පිහියකින් කැපුමක් දමා ඇටය ඉවත් කර විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න. එය පසෙකින් තබා පිරවුම හදමු.

භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා එයට අබ එක්කර පුපුරුවා ගන්න. එයටම ලියාගත් දේවල් දමා හොඳින් තෙම්පරාදු කරන්න. අවශ්‍ය නම් උම්බලකඩ එකතු කරන්න. එයටම තම්බා පොඩි කර ගත් අල ටික එකතු කරන්න. ගම්මිරිස් හා පදමට ලුණු දමා ළිප ඕෆ් කර නිවෙන්නට තබන්න.

 

දැන් පරිස්සමෙන් තේ හැන්දකින් පිරවුමෙන් ටික ටික අරන් කොස් මදුළු ඇතුළට පුරවා පසෙකින් තබන්න.

පොල්කිරි ටික තරමක් කට පළල හට්ටියකට දමා ඒකටම, ලියාගත් දේවල් හා තුනපහ, උළුහාල් එකතු කර පදමට ලුණු දමා හොද්ද උතුරනකම් මඳ ගින්දරේ හැඳි ගාන්න.

හොද්ද උතුරනකොට පුරවා ගත් කොස් මදුළු ටික හෙමින් හොද්දට දාන්න.

හොද්ද තරමක් හිඳෙනකම් වරින් වර හට්ටිය දෙපැත්තට සොළවමින් පිස ගන්න. උයනකොට හැන්ද දැම්මොත් කොස් මදුළු ඇතුළෙ ඇති පිරවුම එළියට එනවා. ඒ නිසයි දෙපැත්තට සොළවන්නේ. මෙය ඉක්මනින් ඝනකම වෙන ව්‍යංජනයක්. ඔබට අවශ්‍ය නම් මෙය අබ ටිකක් පුපුරවලා තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.

Tharunie