Monday, October 21, 2024
Follow Us
කොස් මදුළු කට්ලට්

හොඳින් පැසුණු කොස් මදුළු

කෝන් පිටි (Corn Flour) මේස හැන්දක්

පාන් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

බැදීමට තෙල්

 

 

තම්බා පොඩි කරගත් අල ගෙඩි

කීපයක්

සිහින්ව ලියාගත් ලීක්ස් හෝ ලූනු කොළ

තළාගත් සුදුලූනු, ලියාගත් රතුලූනු

තක්කාලි හා අමු මිරිස්

ගම්මිරිස් කුඩු හා පදමට ලුණු (අවශ්‍ය නම් සැමන් හෝ තම්බා ගත් බිත්තර කහමද වැනි කැමැති දෙයක් එකතු කර ගන්න පුළුවන්.)

 

 

 

පාන් පිටි මේස හැඳි 1ක්

කඩල පිටි මේස හැඳි 3ක්

ලුනු හා ගම්මිරිස් පදමට

මසාලා පවුඩර් තේ හැඳි භාගයක්

පාන් කුඩු

බිත්තරයක්

 

 

මුලින්ම කොස් මදුළු හොඳින් සෝදා වෙන් නොවන සේ මැදින් කැපුමක් දමා ඇට ඉවත් කරන්න.

ඒ ටික විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න. නැත්නම් උතුරන වතුරට දමා විනාඩි 10 ක් පියනකින් වසා මඳක් තම්බා වතුර පෙරා ගන්න.

දැන් පිරවුම හදමු. භාජනයක් ළිප තියා, ඒකට බටර් ටිකක් දමා සුදුලූනු, රතු ලනු, අමු මිරිස් හා තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒකටම තම්බා හොඳින් පොඩි කරගත් අල, සැමන් හෝ බිත්තර එකතු කර, පදමට ගම්මිරිස් හා ලුණුදමා පැත්තකින් තියා ගන්න (කට්ලට් පිරවුම වගේ) ස්‍ටීම් කර ගත් කොස් මදුළු පිළිවෙළට පිඟානක අසුරන්න.තේ හැන්දකින් පිරවුමෙන් ටික ටික අරන් එක එක කොස් මදුළු පුරවන්න.

කඩල පිටි, පාන්පිටි හා බිත්තරය භාජනයකට දමා ලුණු, මසාලා පවුඩර් හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් කට්ලට් දවටනයට වඩා ටිකක් ඝනකමින් යුත් බැටර් එකක් හදා ගන්න.

වෙනත් භාජනයක පාන් කුඩු සමඟ කෝන් පිටි මිශ්‍ර කරන්න.

පිරවුම පුරවා ගත් කොස් මදුළු එකින් එක පරිස්සමෙන් බැටර් එකේ දමා ඉන්පසු කෝන් පිටි මිශ්‍ර පාන් කුඩුවල තවරා රත් වූ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

Tharunie