Monday, October 21, 2024
Follow Us
අලුත් රසයකට නයි මිරිස් මිශ්‍ර කිරි කොස් ව්‍යංජනය

ශුද්ධ කර දික් අතට කපාගත් කොස් මදුලු

කොස් ඇට

තළාගත් සුදුලූනු

ලියාගත් රතු ලූනු

නයි මිරිස් කරල් 2ක්

රම්පේ හා කරපිංචා

අබ ස්වල්පයක් හා

කුරුඳු

පොත්තක්

උළුහාල් ඇට කිහිපයක්

පදමට ලුණු

කුඩාවට කපාගත් වියළි

මිරිස් කරල් 2ක්

කහ සහ අමු තුනපහ කුඩු

ස්වල්පය බැගින්

දිය කිරි සහ මිටි කිරි

අවශ්‍ය පමණට

 

 

මුලින්ම කොස් කැබලි ටික වැහෙන ප්‍රමාණයට දිය කිරි දමා එයටම කහ, තුනපහ කුඩු හා ලුණු එකතු කර බෙරි නොවෙන්න තම්බා පසෙකින් තබන්න.

කොස් ඇට ටික තළාගෙන වතුර දමා වෙනම භාජනයකට දමා තම්බා පොතු හැර පසෙකින් තබා ගන්න. දැන් මැටි භාජනයක් ළිප තියා ඒකට තෙල් ස්වල්පයක් දමා රත් කර අබ දමා පුපුරුවාගන්න.එයට වියළි මිරිස් කරල්, නයි මිරිස්, සුදුලූනු, රතුලූනු, කරපිංචා, රම්පේ, උළුහාල් හා කුරුඳු පොත්ත ද එකතු කර ස්වල්ප වේලාවක් තෙම්පරාදු කර ගන්න.

එම තෙම්පරාදුවට කොස් ටික හා කොස් ඇට ටික එකතු කර කලවම් කරන්න. එයටම උකු පොල් කිරි ටික එකතු කර අඩු ගින්දරේ පිස ගන්න. ලුණු රස පදම බලා එකතු කරන්න. කිරි කොස් මඳක් හිඳෙන්න පිසගත් විට රසය වැඩියි.

Tharunie