Monday, October 21, 2024
Follow Us
ඇඹරැල්ලා ව්‍යංජනය

ඇඹරැල්ලා ග්‍රෑම් 250 ක්

මිරිස් කුඩු තේ හැඳි තුනක්

තුනපහ සහ කහ ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

සුදුලූනු බික් හතරක්

අමු මිරිස් කරල් තුනක්

සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්

පොල් කිරි අඬු කෝප්පයක්

අබ ස්වල්පයක්

රස අනුව ලුණු

රම්පෙ සහ කරපිංචා

 

 

පළමුව ඇඹරැල්ලා ගෙඩිවල පොතු ඉවත් කරගෙන කුඩා කැබලිවලට කපා ගන්න. දැන් මැටි බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ පසු අබ ටික දමා පුපුරවා ගන්න.

අනතුරුව එයට කපාගත් සුදුලූනු, සිහින්ව කපාගත් බී ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, උළුහාල්, කුරුඳු පොතු ආදිය එකතු කරන්න. මේ සියල්ල රන්වන් පැහැයට හැරුණු පසු මිරිස් කුඩු, තුනපහ, කහ, ගම්මිරිස් එකතු කරන්න.

අවසානයේ කපාගත් ඇඹරැල්ලා ටික ද එයට එකතු කර තරමක් තෙලෙන් තැම්බෙන්නට වසා තබන්න. හොඳින් තැම්බුණු ඇඹරැල්ලාවලට මිටි කිරි ටික දමා මඳ ගින්දරේ හිඳෙන්නට පිසගන්න.

Tharunie