Monday, October 21, 2024
Follow Us
බෝංචි මැල්ලුම

බෝංචි ග්‍රෑම් 250 ක්

ගාගත් පොල් ටිකක්

සිහින්ව ලියා ගත් රතුලූනු ගෙඩි කිහිපයක්

කහ ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සුදුලූනු බික් හතරක් පහක්

අමු මිරිස් කරල් දෙකක් පමණ

අබ ස්වල්පයක්

රස අනුව ලුණු

 

 

බෝංචි ටික සෝදා සිහින්ව කපාගන්න. අනතුරුව පොල් ස්වල්පයක් ද මිශ්‍රකර වංගෙඩියට දමා මඳක් කොටාගන්න.

සිහින්ව කපාගත් සුදුලූනු, රතුලූනු, අමු මිරිස් ද මෙයටම දමා තව ටිකක් කොටන්න.

ගම්මිරිස් කුඩු, කහ සහ රස අනුව ලුණු ද මෙයට එකතු කරන්න.

දැන් මැටි බඳුනක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමන්න. අනතුරුව රත් වූ තෙලට අබ ස්වල්පයක් දමා පුපුරවා ගන්න.

ඉන්පසුව කොටාගත් බෝංචි මිශ්‍රණය දමා තරමක් මැලවෙන්නට හරින්න.

මෙහිදී බෝංචිවල කොළ පැහැය වියැකෙන්නට නොදී මැල්ලුම ළිපෙන් බාගන්නට උනන්දු වන්න. එවිට කිරි රසයෙන් යුත් බෝංචි මැල්ලුමක රසය විඳින්නට ඔබටත් හැකි වේවි.

Tharunie