Monday, October 21, 2024
Follow Us
මඤ්ඤොක්කා ව්‍යංජනය

මඤ්ඤොක්කා ග්‍රෑම් 250 ක්

සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් පමණ

තුනපහ ස්වල්පයක්

කහ ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

රම්පේ සහ කරපිංචා

සුදුලූනු බික් දෙක තුනක්

අවශ්‍ය පදමට ලුණු

පොල් කිරි අඬු කෝප්ප දෙකක් (දිය කිරි සහ මිටි කිරි වෙනම)

අමු මිරිස් කරල් දෙක තුනක්

මඤ්ඤොක්කා ටික පොතු හැර සෝදා කුඩා කැබලිවලට කපාගන්න.දැන් කපාගත් මේ මඤ්ඤොක්කා ටික මැටි බඳුනකට දමාගන්න. එයටම සිහින්ව ලියාගත් ලූනු , සුදුලූනු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ආදිය දමන්න.

උළුහාල් සහ කුරුඳු පොතු කැබැල්ලක් වාගේම තුනපහ, මිරිස් කුඩු, කහ, රස පදමට ලුණු ද එකතු කරන්න. අනතුරුව දිය කිරි ද එකතුකර ළිප තබන්න.

මඤ්ඤොක්කා හොඳින් තැම්බුණු පසුව එයට මිටි කිරි එකතු කර හොඳින් නටවා ළිපෙන් ඉවතට බාන්න.

ඔබ කැමැති නම් මේ මඤ්ඤොක්කා ව්‍යංජනය තෙම්පරාදු කර ගැනීමෙන් හෝ බැදගත් අබ කුඩු ටිකක් ඉස කලවම් කර ගැනීමෙන් වඩාත් රසවත් කරගත හැකියි.

Tharunie