Monday, October 21, 2024
Follow Us
එළබටු ව්‍යංජනය

එළබටු ග්‍රෑම් 250 ක්

තරමක් විශාල ප්‍රමාණයේ

තක්කාලි ගෙඩියක්

සිහින්ව ලියාගත් ලූනු

ගෙඩියක්

මිරිස් කුඩු තේ හැඳි තුනක්

අමු තුනපහ ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

පොල් කිරි අඬු කෝප්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

සුදුලූනු බික් තුන හතරක්

අමු මිරිස් කරල් තුනක්

පොල් තෙල් ස්වල්පයක්

රස පදමට ලුණු කුඩු

රම්පේ සහ කරපිංචා

 

 

 

එළබටු ටික කපා හෝ තළාගෙන කහ සහ ලුණු මිශ්‍ර වතුරට දමන්න. මෙහිදී එළබටුවල මැද ඇති කුඩා ඇට ඉවත් කරගත යුතු අතර එසේ නොවුණහොත් ව්‍යංජනය තිත්ත රසක් ගැනීමට ඉඩ තිබේ.

දැන් මැටි බඳුනක් ගෙන ළිප තබා තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත් වී ගෙන එනවිට රම්පෙ සහ කරපිංචා දමන්න. එයටම කපාගත් ලූනු, සුදුලූනු, අමු මිරිස් ආදිය එකතු කරන්න.මිරිස් කුඩු, අමු තුනපහ, කහ සහ උළුහාල් , කුරුඳු පොතු ආදියත් එකතු කරන්න.

අනතුරුව කපාගත් එළබටු ටික දිය බේරාගෙන මෙයට එකතු කරන්න. රස අනුව ලුණු ද දමා මඳක් තැම්බෙන්නට හරින්න.

ඉන්පසුව පොල්කිරි ටික ද එකතු කර හි‍ෙඳන්නට හැර ළිපෙන් බාගන්න.

Tharunie