Monday, October 21, 2024
Follow Us
බැටර් ෆ්‍රයිඩ් බණ්ඩක්කා

සාමාන්‍ය ළපටි බණ්ඩක්කා කරල්

බැදීමට තෙල්

කඩල පිටි මේස හැඳි 2ක්

කෝන් පිටි මේස හැඳි 2ක්

රුලං මේස හැන්දක් (රුලං අත්‍යවශ්‍ය ම නෑ) ඒත් ඕනෙම බැටර් එකකට රුලං ටිකක් එකතු කළාම ක්‍රිස්පි ගතිය එනවා.

ස්වීට් චිලි සෝස් මේස

හැන්දක්

මිරිස් කුඩු හා ලුණු ඔබේ රස පදමට

බිත්තරයක්

මුලින්ම බණ්ඩක්කා කරල් තරමක දිග කැබලි කපා ගන්න. බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් භාජනයකට දමා වතුර ටික ටික එකතු කරමින් තරමක ඝනකමට එනකම් හැන්දකින් මිශ්‍ර කරමින් බැටර් එක හදා ගන්න. දැන් බණ්ඩක්කා කැබලි එකින් එක බැටර් එකේ තවරා තෙලට දමා ඉක්මනින් රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

(Tharunie)