Monday, October 21, 2024
Follow Us
රසම රස අතිරස

* හාල් පිටි ග්‍රෑම් 200ක්

* දුඹුරු සීනි ග්‍රෑම් 200ක්

* වතුර මිලිලීටර් 125ක්

* කුඩු කරගත් එනසාල් තේ හැන්දක්

* ලුණු තේ හැඳි 1/2ක්

* බැදපු හාල් කප්පි මේස හැඳි 02ක්

 

 

 

* බඳුනක් ළිප තබා එයට සීනි තේ හැන්දක් දමන්න. එය තරමක් දුඹුරු පාට වෙන්නට හරින්න.

* සීනි ටික කර වීගෙන එද්දී එයට ඉතිරි සීනි සහ වතුර එකතු කර උතුරන තෙක් හැඳිගාන්න.

* කුඩු කරගත් එනසාල් සහ ලුණු ද එයට එකතු කරන්න.

* බැදපු හාල් කප්පි ටිකත් කලවම් කරන්න.

* සීනි හොඳින් දිය වී මිශ්‍රණය උතුරන විට ළිප නිවා හාල් පිටි පොඩ්ඩ පොඩ්ඩ එයට එකතු කරමින් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න.

* තවත් කුඩා වේලාවක් ළිප තබා මේ මිශ්‍රණය තලපයක් ගානට තව ටිකක් තම්බා ගන්න.

* දැන් වෙනත් බඳුනකට මෙය මාරු කර ළිප මත ඇති බඳුනට වතුර පොඩ්ඩක් එකතු කරලා එය කැඳ එකක් වගේ උකුවට සාදා ගන්න.

* ඉන්පසුව මේ කැඳ මිශ්‍රණය පොඩ්ඩ පොඩ්ඩ අපි හදා ගත්ත තලපයට එකතු කරමින් කලවම් කරන්න.

* අනතුරුව තෙල් ස්වල්පයක් මෙය වටේටම තවරා කුඩා බෝල කඩාගන්න.

* මෙහිදී වරින්වර කැඳ මිශ්‍ර කරමින් තලපය වියළෙන්නට නොදී තබාගන්නටත් අමතක කරන්න එපා.

* කඩාගත් බෝල අතින් තරමක් පැතලි කරගන්න .

* ඉන්පසුව පැතලි කරගත් අතිරස ගැඹුරු තෙලේ බැද ගන්න .

(Tharunie)