Monday, October 21, 2024
Follow Us
පැණි බේරෙන උඳු වළලු

* හාල් පිටි කෝප්ප ග්‍රෑම් 100ක්

* උඳු ග්‍රෑම් 200ක්

* හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩියක්

* පොල් කිරි කෝප්ප 1 1/2 ක්

* ලුණු ස්වල්පයක්

* කිතුල් පැණි මිලිලීටර් 500ක්

* හකුරු හෝ සීනි ග්‍රෑම් 100ක්

* බැදීමට අවශ්‍ය තරමට පොල්තෙල්

 

 

* උඳු ටික රැයක් පෙගෙන්නට තබන්න.

* දැන් පොඟවා ගත් උඳු ටික පොල් කිරි සහ කෙසෙල් ගෙඩිය සමඟ ක්‍රීම් වනතුරු අඹරන්න.

* පොල්කිරි ටිකින් ටික එකතු කරන්න.

* එයට ලුණු සහ හාල් පිටි මිශ්‍ර කර ඝනකමින් වැඩි මිශ්‍රණයක් සාදාගන්න.

* මේ මිශ්‍රණය වසා පැයක් පමණ තබන්න.

* දැන් බඳුනක් ගෙන එයට පැණි සමඟ හකුරු හෝ සීනි එකතුකර ළිප තබන්න.

* එයට වතුර ස්වල්පයක් ද එකතු කර සාමාන්‍ය පදමට පැණි උණු කරගන්න.

* දැන් පයිපින් බෑග් එකක් ගෙන සකසා ගත් උඳු මිශ්‍රණයෙන් ටිකක් දමන්න.

* තෙල් බඳුනක් ළිප තබා එයට පයිපින් බෑග් එක ආධාරයෙන් රවුමට උඳුවළලු මිරිකා රන්වන් පැහැයට බැදගන්න.

* අනතුරුව බැදගත් මේ වළලු උණු පැණි එකට දමා පැණි උරාගත් පසු ඉවත් කරගන්න.

* පැණි බඳුන දිගටම මඳ ගින්දරේ තබන්න අමතක කරන්න එපා.

(Tharunie)