Monday, October 21, 2024
Follow Us
කන්න කන්න ආස හිතෙන කජු අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

* හාල්පිටි ග්‍රෑම් 250ක්

* සීනි 250g

* වතුර කෝප්ප 1

* එනසාල් ඇට 4-5 ක්

* ලුණු තේ හැදි 1

* කජු ටිකක්

 

සාදන ආකාරය

 

* මුලින්ම හාල් පිටි තාච්චියකට දමා අඩු ගින්දරේ සුවද එනතුරු බැඳගන්න.

* ඊලගට සීනි භාජනයකට දමා වතුර කෝප්පයක් දමා දියකර ගෙන ලිපේ තියන් හැදි ගාන්න.

* එනසාල් සහ ලුණු ස්වල්පය එකතුකර මිශ්‍ර කරගන්න .

* සීනි දියවී නුල් ඇදෙන පදමට සාදා ගන්න.

* කජු එකතුකරනවානම් මේ වෙලාවේදී එකතුකරන්න පුලුවන්.

* දැන් පිටි ටික ටික දමමින් මිශ්‍ර කරගන්න.

 

* (පිටි ටිකක් වෙන්කරගන්න අලුවා කපන ලෑල්ල මතට හා අලුවා මතට ඉසගැනීම සඳහා...)

 

* පිටි ඉසගත් ලෑල්ලක් මතට මිශ්‍රණය දමා හොදින් තුනී කරගන්න .

* උඩටත් පිටි ටිකක් ඉහින්න.

* දැන් ඔබ කැමති හැඩයකට කෑලි කපාගන්න.

(Tharunie)