Sunday, October 20, 2024
Follow Us
කැවිලි මේසයේ හැඩකාරයා කොණ්ඩ කැවුම්

* සුදු කැකුලු හාල් පිටි ග්‍රෑම් 200ක්

* පාන් පිටි ග්‍රෑම් 200ක්

* පොල් පැණි මිලි ලීටර් 130ක්

* සීනි ග්‍රෑම් 100ක්

* වතුර මිලි ලීටර් 225 - 250ක්

* මාදුරු තේ හැඳි 1/4ක්

* සූදුරු තේ හැදි 1/4ක්

* ලුණු ස්වල්පයක්

* අවශ්‍ය පමණට පොල්තෙල්

 

 

* හාල් පිටි ටික හොඳින් හළා ගන්න.

* පිරිසුදු බඳුනක් ගෙන එයට සීනි සහ පැණි ටික දමා හොඳට දිය කර ගන්න. ( සීනි ඉක්මනින් දියකර ගැනීමට සිහින් කැට සහිත සීනි තෝරගන්න. )

* මෙයට වතුරත් ටික ටික එකතු කරන්න.

* මාදුරු , සූදුරු සහ රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කර කලවම් කරගන්න.

* අනතුරුව හාල් පිටි සහ පාන් පිටි ටිකද ඉහත මිශ්‍රණයට දමා හොඳින් දිය කරමින් කැවුම් මිශ්‍රණය සකසා ගන්න.

* දැන් ඉතිරිව ඇත්තේ කැවුම් ටික සකසා ගැනීමයි.

* ඒ සඳහා තාච්චියක් ළිප තබා කැවුම් බැදීමට සෑහෙන පමණ පොල්තෙල් දමන්න.

* දැන් තෙල් රත් වීගෙන ආවිට කැවුම් මිශ්‍රණයෙන් පොඩ්ඩක් ගෙන තාච්චියේ මැදට වන්නට හෙමින් එක තැනටම වත් කරන්න.

* මෙලෙස මිශ්‍රණය වත් කරනවිට මැද කුඩා හිලක් වගේ හැදේවි. ඒත් අත ඒ ඉරියව්වෙන්ම තබාගෙන තවදුරටත් මිශ්‍රණය හිමින් හිමින් වත් කරන්න.

* ඉන්පසුව මෙය ටිකින් ටික රවුම් කරමින් තෙල් ඉස ගත යුතුයි.

* කැවුමේ කොණ්ඩය හොඳින් සකසා ගන්නට නම් කැවුම මැදට එනම් හිල වගේ හැදුණු තැනට තෙල්කූර තබා සෙමෙන් කරකවමින් තෙල් ඉසින්න. එවිට ඇතුළත ඇති අමු පිටි ටික එළියට පැමිණෙමින් කැවුමේ කොණ්ඩය සැකසේවි.

* මෙලෙස කොණ්ඩය රවුම් කරමින් හොඳින් තෙල් ඉසිමින් කොණ්ඩ කැවුම බැද ගත යුතුය.

 

 

* කැවුම් මිශ්‍රණය වත් කි‍රීමට කුඩා ප්‍රමාණයේ මිනුම් හැන්දක් පාවිච්චි කරන්න. එවිට එකම ප්‍රමාණයකින් යුත් කැවුම් සකසා ගත හැකියි.

* සෑමවිටම කොණ්ඩ කැවුම වැසෙන්නට තෙල් තිබිය යුතු අතර තාච්චිය හොඳින් රත් වී තිබිය යුතුයි.

(Tharunie)