Sunday, October 20, 2024
Follow Us
බැටර් කරගත් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය

තලපත් මාළු ග්‍රෑම් 300ක්

ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු තේ හැඳි 1/2 බැගින්

බැටරය සඳහා

පාන් පිටි මේස හැඳි 3ක්

කෝන් පිටි මේස හැඳි 6ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 11/2ක්

වතුර කෝප්ප 1/2ක්

අවශ්‍ය නම් බිත්තර සුදු මදයක්

තල ඇට මේස හැඳි 1ක්

සාදන ක්‍රමය

මාළු තීරු කපා ලුණු, ගම්මිරිස්, කහ, මිරිස් කුඩු අතගා තියාගන්න. පාන් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, ලුණු, මිරිස් කුඩු, බිත්තර සුදු මදය එකට එක්කර වතුර කෝප්ප 1/2ක් දමා දියාරූ පිටි මිශ්‍රණයක් හදාගන්න. තල ඇට මේස හැන්ද ද මෙයට එක්කරන්න.

මාළු කෑල්ල බැගින් ගෙන සාදාගත් පිටි බැටරයේ තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැඳගන්න.

පිපිඤ්ඤා, තක්කාලි සහ අන්නාසි ලොකු කැබලි කපා ලුණු, ගම්මිරිස් කුඩු සහ විනාකිරි දමා සලාදයක් සකසා ඒ මත බැටර් කරගත් මාළු තබා පිළිගන්වන්න.

(Tharunie)