Sunday, October 20, 2024
Follow Us
කුකුළු මස් මිශ්‍ර බත

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 750ක්

බාස්මතී හෝ සම්බා හාල් කිලෝ ග්‍රෑම් 1ක්

සිහින්ව කපාගත් සුදු ලූනූ, ඉඟුරු මේස හැඳි 1ක්

සිහින්ව කපාගත් ලූනූ ගෙඩි දෙකක්

කරදමුංගු 4-5ක්

කරාබු නැටි 3ක්

රම්පා, කරපිංචා

සේර

තක්කාලි ගෙඩි 2ක්

ලුණු රස අනූව

මාගරින් මේස හැඳි 4ක්

සාදන ක්‍රමය

කුකුළු මස් තරමක කැබලි කපා බත පිසගත හැකි ප්‍රමාණයට වතුර එක්කර තම්බා ගන්න. මේ වතුරට කරදමුංගු කරල් 2 - 3ක්, කරාබු නැටි 2ක් පමණ ද දමන්න. මස් තැම්බුණු පසු වතුර පෙරා මස් හා වතුර වෙනම තබන්න. හාල් ද සෝදා වතුර බේරෙන්න තබන්න.

භාජනයක් ගෙන මාගරින් රත්වෙන්න තබා බාගෙට රත්වෙද්දී රම්පා, කරපිංච, සේර, කුරුඳු පොතු කෑල්ලක්, කරාබු නැටි සහ කරදමුංගු දමා යන්තම් බැදෙන විට හීනියට කපාගත් ඉඟුරු සුදුලූනූ දාන්න. ඒ ටික ද යන්තම් රන්වන් පාටට බැදෙන විට කපාගත් බී ලූනූ ද දමන්න. තක්කාලි පොඩියට කපා එයටම දමා කලවම්කර සියල්ල යන්තම් බැදීගෙන එද්දී දිය බේරාගත් සහල් එකතු කරන්න. ලුණු තේ හැඳි 2ක් ද දමා බත ඉදීමට සෑහෙන ප්‍රමාණයට මස් තැම්බූ වතුර එක්කර බත උයා ගන්න.

ඉන්පසු තම්බාගත් මස් කැබලිවලට ලුණු ගම්මිරිස්, අතගා දිග ඉරටු කැබලිවලට ඒ මස් කැබලි අමුණා බැද ගන්න.

බැදුණු පසු තෙලෙන් ගෙන තක්කාලි සෝස් එක්කරන්න.

උයාගත් බත් දීසියක අතුරා මස්කූරු බත උඩින් ලස්සනට තබා පාස්ලි තබා සරසා ගන්න.

(Tharunie)