Saturday, October 19, 2024
Follow Us
හදමු ද චීස්????ඇ.... ඔව් චීස්...??හදමු ද???

කිරිපිටි මේස හැඳි.. 3 ක් අරන් . ඇල්. වතුර කප් එකකට දාලා දිය කරන්න


එය ලිප තබා රත්වන විට විනාකිරි තේ හැන්ද බැගින් හැදි 3 ක් දාන්න... වැඩි වෙලා වක් යන්න පිටි කැටි ගැහෙනවා...( පිටි වතුරෙන් වෙන්ව කැටි ගැහෙනවා)
එවිට ඒ ටික පෙරෙනයකට දාලා පෙරාගන්න.... එම මිශ්‍රණය ඇල් වතුරෙන් ටිකක් සොදාගන්න..
පිටි කිරි මේස හැඳි එකක් ඇල් වතුර කප් 1/2 දමා ජෙලටින් තේ හැන්ද ක් දමා අර පෙරෑ පිටි වලට දාලා අවශ්‍ය තරමට ලුණු දමා ගන්න.ලුණු වැඩි කරගන්න එපා...????
දැන් එය බ්ලෙන්ඩ් කරන්න ...කහ වර්ණ බිංදු 3/4 ක්....
දමා ගන්න.... දැන් නැවත හොඳින් පෙරා ගෙන භාජනය කට දමා ළිප තබා විනාඩි 3 ක් පමන රත්වූ විට .කැමති බදුනකට දමා ශීතකරණ යෙ පැය 3 ක් තබන්න.... හ්ම්.රසම රස චීස්....??????ඔන්න අර ගුරු මුෂ්ටිය තියාගත්තේ නෑ හොඳ ද???පුළුවන් විදිහට පිලිතුරු දෙන්නම්.... පරිස්සමින් ඉන්න...... විශේෂ යෙන් කියන්න ඕන .. ගොඩක් අය අහපු නිසා පීට්සා වලට දාන්න පුලුවන් ද කියලා මම හවස එයාලා වෙනුවෙන් ම නැවත හැදුවා... ඒ ත් මේවා මෙල්ට් වෙන්නේ නෑ.... ඒ නිසා ඒ වට මේ චීස් දාන්න එපා.එළකිරි හෝ ෆ්රෙෂ් මිල්ක් ගන්නවා නම් 3/4 ක් මුල් මිශ්‍රණය ටද.. අනෙක් 1/4 ජෙලටින් මිශ්‍රණයටද ගන්න.....

(Aloka De Silva - Facebook)